අසනි වැසි සූරා වැටෙන කළ
ගෙන්දගම් බිම පාදමින්
හොවා උනුසුමේ රැක්ක සැටි නුඹ
සමන් මලට වැඩි සීරුවෙන්
වහන් කර මා දහස් දෙනගේ
නූරා වෑහෙන නෙත් වලින්
තෙමුන සැටි නුඹ වැස්සේ
දැකලා,උනු වුනා සිත නුබ කුසෙත්
සීත වැහි පොද බිඳිති අතරේ
අතරමන් වුන බිංඳුවක්
මගේ නෙත් විල කොනින් මතු වී
සැඟ වුනා දී හාදුවක්
දෑස යා වී රැඳුනු මොහොතක
මුවින් නොබිනු කප්පරක්
සෙනේ උතුරන දෑසේ ගොනු විය
අහිමි වූ ලෙන්ගතුකමක්..
This comment has been removed by the author.
ReplyDeleteබොහොම අපූරු නිර්මාණයක් හසී..
ReplyDeleteගොඩාක් ස්තුතියි බුද්ධි!
ReplyDeleteලස්සන අදහසක්.. අදයි මේ පැත්තේ ආවේ..
ReplyDeleteඅද හරි මේ පැත්තෙ ආවනේ... ගොඩාක් ස්තුතියි!!!
ReplyDeleteසොඳුරුතම සිතුවම ලස්සනයි
ReplyDeleteසොඳුරුතම සිතුවම ලස්සනයි
ReplyDelete