වැව් දිය ඉස්මත්තේ පිපි නෙලුමක්
මුමුණයි මද සුළඟේ
ඒ දැක සුහදේ ඔබව සොයා ගෙන
සිත ඉගිලෙයි රහසේ
මද සුළඟට නෑ කෝඩු කාරකම්
සුවඳ හුරුයි පියුමේ...
අහින්සකාවිය,සුමුදු කැකුළු මල
එබැව් නොදැන සිටියේ...
පැහැබර උදයක තුසර දොවා ගෙන
වත කමලේ රිසි සේ
දහසක් පැතුමන් සිතේ හොවා ගෙන
සියපත මග බැලුවේ
රෝස මලෙක පෙති ළයේ හොවා ගෙන
වගක් නොමැති විලසේ
සුපුරුදු මද නළ ආගන්තුක ලෙස
උඩු ගුවනේ ඇදුනේ...
No comments:
Post a Comment