Sunday, February 5, 2012

අසනි වැසි මැද




අසනි වැසි සූරා වැටෙන කළ 
ගෙන්දගම් බිම පාදමින්
හොවා උනුසුමේ රැක්ක සැටි නුඹ 
සමන් මලට වැඩි සීරුවෙන්


වහන් කර මා දහස් දෙනගේ
නූරා වෑහෙන නෙත් වලින්
තෙමුන සැටි නුඹ වැස්සේ 
දැකලා,උනු වුනා සිත නුබ කුසෙත්


සීත වැහි පොද බිඳිති අතරේ
අතරමන් වුන බිංඳුවක්
මගේ නෙත් විල කොනින් මතු වී
සැඟ වුනා දී හාදුවක්


දෑස යා වී රැඳුනු මොහොතක  
මුවින් නොබිනු කප්පරක්
සෙනේ උතුරන දෑසේ ගොනු විය
අහිමි වූ ලෙන්ගතුකමක්..



7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. බොහොම අපූරු නිර්මාණයක් හසී..

    ReplyDelete
  3. ගොඩාක් ස්තුතියි බුද්ධි!

    ReplyDelete
  4. ලස්සන අදහසක්.. අදයි මේ පැත්තේ ආවේ..

    ReplyDelete
  5. අද හරි මේ පැත්තෙ ආවනේ... ගොඩාක් ස්තුතියි!!!

    ReplyDelete
  6. සොඳුරුතම සිතුවම ලස්සනයි

    ReplyDelete
  7. සොඳුරුතම සිතුවම ලස්සනයි

    ReplyDelete