Thursday, January 26, 2012

බලාපොරොත්තුව


හීන ගේන සිත්  අහසට
දේදුන්නක් වී එනවද
සොරා ගන්න හොර රහසෙම
පාට නොමැති මගේ දිවියට
සිතුවම නුඹමැයි...

අමාවකට ඝන අඳුරට
පහනක් වී දිදුලනවද
කණාමැදිරි එළි අතරේ
අඳුරේ තැවෙන හද මඩළට
සඳවත නුඹමැයි...


තනුව අහිමි කවි පදයට
වස් දඬු රාවය වෙනවද
සප්ත ස්වරයේ රස වියැකුනු
නීරස වු කවි දහසට
තාලය නුඹමැයි....


2 comments:

  1. හරිම අපුරුයි හසී !!

    ReplyDelete
  2. ස්තුතියි බුද්ධි!!!

    ReplyDelete