Saturday, February 18, 2012

වැහි බින්දු


සිත් දැහැන


සමුගැන්ම


යශෝදරාවත


ජීවිතය


ආගන්තුක නුඹ


එන්නම්!


වසත් හීනය


අපි දකින හීන වලට තහන්චි දාන්න කාටවත් බෑ... 
ඒ වගෙම ඒ හීන අපෙ අැස් ඉදිරිපිටම
බොඳ වෙලා යන කොට... 
අපෙ ඇස් වලට පිරෙන කඳුලු වලට 
වැට කඩොලු බඳින්නත් කාටවත් බෑ...



සැනසීම


හිත පුරා තුරුල් ක‍ර ගත් කදුලුත් අරන් 
බෝ මලුවට ඇතුල් වෙද්දීම 
හිතට දැනුනෙ පුදුමාකාර සැනසීමක්...
මොනවා උනත් මේ බෝ මලුවට ඇවිත්... 
හිතේ තියන හැම දෙයක්ම කියලා...
ටිකක් හ‍රි හිත හදා ගන්න මට පුලුවන්...
ඒ අතින් මන් මොන ත‍රම් පින්කාරද!!! 




හීන

ජිවිතේට නුඹ නිසා එකතු උනු හීන 
හිතෙ ගැඹුරුම තැනක තියන්
මන් තාමත් නැවතිලා... 
සීතලේ ගැහි ගැහි 
බලන් ඉන්නවා... 
ආයෙමත් නුඹ  එයි කියලා
මගෙන් නුඹ සොරකම් ක‍රපු හදවත ඉල්ලගන්න...
හෙට දවස වෙනුවෙන් ජිවත් වෙන්න...



සිඳු

ලොව හැරදා නික්මෙන්න පෙර...
එකම එක මොහොතකට හ‍රි...
හිරු සයුර එක්ක
දවසෙ හැම හෝරාවකම
සිතට දැනුනු තනිකම බෙදා ගන්නවා...
ඒත් මට ජිවිතෙ පුරාවටවත් 
මගෙ හිතට
ඔබ නිසා දැනුනු පාලුව
කියන්න එක තප්ප‍රයක්වත් ලැබෙවිද මන්දා...



දුක-සතුට


මම හැමදාටම සතුටු වෙනවා.... 
ජිවිතේ එක මොහොතක්ට හ‍රි 
ඔබෙ සෙනෙහස මම වින්ද නිසා...
මම හැමදාටම දුක් වෙනවා.... 
ඒ දයාබ‍ර හිත මෙගෙන් ගොඩාක් දුර 
යන්න ගිහින් නිසා...
මම ජිවිතෙ පුරාවටම ප්රාර්ථනා ක‍රනවා...
තව එක මොහොතක්වත් මට නුඹ දකින්න ලැබෙන්න කියලා... 
අයිති ක‍ර ගන්න නෙමෙයි.... 
මම තරහා නෑ කියන්න...


සඳ

අන්ධකාරේ තනි වෙලා 
කණාමැදිරි එලියක්
සොයමින් සිට මට
නුඹව දැනුනේ
අහස් කුස වසා ගෙන පායපු
පුර සඳ වගෙ...
ඒත් ඒ සඳ බැස ගිහින් 
අමාවක ආයෙත් එනවා කියලා
මට අමතක උනෙ ඇයි දෙවියනේ!!!






Thursday, February 16, 2012

රැවටීම


පිණි වැස්ස වැස්සාට
සිසිලසේ බැඳුනාට
එපා කොඳ කුමුදිනිය
අහස් දිය දෝවන්න...


රීදී සඳ නැගුනාට
ගං දියේ වෙලුනාට
එපා නුඹ රැවටෙන්න
චපල වු සඳවතට...



අට ලෝ දම්

හැඟුම් නම් සොඳුරුයි.... 
සිතක පිළිසිඳෙනකම්
දසුන් නම් මිහිරියි... 
කඳුළු වැල් නැගෙනකම්
කවක් නම් පබැඳෙයි... 
සිතුම් පොදි බඳිනකම්
දහම් අට ලෝ උරුමයි... 
ජිවිතේ මියෙනකම්!!!

Sunday, February 5, 2012

අසනි වැසි මැද




අසනි වැසි සූරා වැටෙන කළ 
ගෙන්දගම් බිම පාදමින්
හොවා උනුසුමේ රැක්ක සැටි නුඹ 
සමන් මලට වැඩි සීරුවෙන්


වහන් කර මා දහස් දෙනගේ
නූරා වෑහෙන නෙත් වලින්
තෙමුන සැටි නුඹ වැස්සේ 
දැකලා,උනු වුනා සිත නුබ කුසෙත්


සීත වැහි පොද බිඳිති අතරේ
අතරමන් වුන බිංඳුවක්
මගේ නෙත් විල කොනින් මතු වී
සැඟ වුනා දී හාදුවක්


දෑස යා වී රැඳුනු මොහොතක  
මුවින් නොබිනු කප්පරක්
සෙනේ උතුරන දෑසේ ගොනු විය
අහිමි වූ ලෙන්ගතුකමක්..



අහින්සක පැතුම


වැව් දිය ඉස්මත්තේ පිපි නෙලුමක් 
මුමුණයි මද සුළඟේ
ඒ දැක සුහදේ ඔබව සොයා ගෙන
සිත ඉගිලෙයි රහසේ


මද සුළඟට නෑ කෝඩු කාරකම්
සුවඳ හුරුයි පියුමේ...
අහින්සකාවිය,සුමුදු කැකුළු මල
එබැව් නොදැන සිටියේ...


පැහැබර උදයක තුසර දොවා ගෙන
වත කමලේ රිසි සේ
දහසක් පැතුමන් සිතේ හොවා ගෙන 
සියපත මග බැලුවේ


රෝස මලෙක පෙති ළයේ හොවා ගෙන
වගක් නොමැති විලසේ
සුපුරුදු මද නළ ආගන්තුක ලෙස
උඩු ගුවනේ ඇදුනේ...



Wednesday, February 1, 2012

හුදෙකලා වර්ණ




පර තෙරක් නොපෙනෙන සිතිජ ඉම මායිමේ
ගොලු වෙලා නොඉනු මැන 
සොඳුරු සිත්තරාණනේ...
මේ අහස් සිතුවමේ වර්ණ හුදකලා වී 
බලා සිටිනුයේ
නුඹේ තෙලි තුඩ හිරි අරින තුරා නොවෙද....