Tuesday, March 6, 2012

සන්තෘප්තිය

දිය බිඳක් දුන් පින්තාලිය සේ
කතර මග දිගට පවස නිවු
මහා ගඟුලක් නොවුනාට
කම් නැහැ,මගේ සියොළඟ දෙවු...


තිමිර මුදවනු නොහැකි මුත්
දිවි මං කියු තනි තරුව සේ
පුරසඳක් මෙන් එළිය
නැති මුත් නෑ කිසිත් අහිතක් මගේ...


පරාර්ථය


සිතුවිළි උල්පත සිඳවාලනු වස්
බවුන් වඩයි නුඹ දැහැනේ වෙළි
මතක සුවඳකින් හැඟුම් නැගේවි
පංච කාමයන් ඉපිද ළයේ...


භවයෙන් භවයට පතා සසරදිග
ආව කොතෙක් අය බැඳුම් මැදින්
අමතක කර සසරින් මිදියන් සඳ
ඉන්පසු හැක මුදවන්න ඔවුන්...

අවසර...


සිතුම් විහඟුන් සිහින ගගනතේ
පාවී යන්න බලයි...
හැඟුම් මන්දාරමට අසුවී
ඇසි පිය බිමට බරයි....
විපිළිසර වු ගැටපද අතරේ
දොඩමලු වදන් හිඟයි... 
දෑස යා වු භාවනාවෙන්
මිදෙන්නට සිත අවසරයි...

හෙට


බොඳ වෙන්න පිටු අතර  
ගලපන්න අකුරු නැත
සඟවන්න සිනහවක  
නෙතු රැඳුනු කඳුලු ඇත
අතීතය සතපවා 
සිහිනයක විටින් විට
උදා වෙන වසන්තය 
සිප ගනිමි බැතින් සිත...