Sunday, December 16, 2012

තාල


නිහඬ වැස්සේ  
තනී වී සිත් සේ 
තෙමුණා මතකයි හැඟුම් අස්සේ
පාද සළඹේ 
සියුම් ස්වරයේ 
තාල අල්ලා හිත ද ගැස්සේ
හීන හිස් වේ 
මතක මුහු වේ  
නෙතු අතර බිඳු කඳුලු රැස් වේ

ඉතින් හුස්මක් අරන් ආයෙත් 
වැහි බින්දු මැද නටමි තිස්සේ...

No comments:

Post a Comment